ශාරීරික ක්‍රියාකාරකම් සහ ඔබේ පෙනහළු වල තත්ත්වය |
හැඳින්වීම
මෙම සමීක්ෂණයේදී, අපි ඔබගේ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව විමසමු.
ශක්තිය භාවිතා කර ඔබේ ශරීරයේ සිදුවන ඕනෑම චලනයක් ශාරීරික ක්‍රියාකාරකම් ලෙස අදහස් කරයි. ශාරීරිකව ක්‍රියාශීලී වීමට ඔබට විශේෂ කුසලතා හෝ පුහුණුවක් අවශ්‍ය නොවේ. ශාරීරික ක්‍රියාකාරකම්වලට ව්‍යායාම ඇතුළත් වන අතර, එදිනෙදා ජීවිතයේදී සිදුකරන ක්‍රියාකාරකම් ද ඊට අයත් වේ. උදාහරණ ලෙස ඇවිදීම, බයිසිකල් පැදීම, පඩිපෙළ් නැගීම, ගෙවතු වගාවේ නිරත වීම සහ ගෘහස්ථ වැඩකටයුතු කිරීම දැක්විය හැකිය.
පියවර ගණනය කරන උපකරණ (පීඩෝමීටර), ස්මාර්ට් ඔරලෝසු හෝ ශාරීරික ක්‍රියාකාරකම් නිරීක්ෂණ උපකරණ වැනි උපකරණ භාවිතයෙන් ශාරීරික ක්‍රියාකාරකම් මැනිය හැකිය. එවැනි උපකරණ කිහිපයක උදාහරණ පහත පින්තූරවල දැක්වේ. ඔබ ගමන් කරන පියවර ගණන, ඔබ ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට ගත කරන කාලය සහ දවස පුරා ඔබ කෙතරම් ක්‍රියාශීලීව සිටින්නේද යන්න වැනි කරුණු මෙම උපකරණ මඟින් මැනිය හැකිය.
මෙම සමීක්ෂණය මඟින් ශ්වසන රෝගාබාධ සහිත පුද්ගලයන් ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව සිතන හා දැනෙන ආකාරය පිළිබඳව සොයා බලනු ලැබේ. එසේම, එදිනෙදා ජීවිතයේදී ශාරීරික ක්‍රියාකාරකම් මැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇති අත්දැකීම් ද මෙහිදී විමසා බලනු ලැබේ. මෙම සමීක්ෂණයට සහභාගී වීමට පෙර ඔබ ඉහත සඳහන් උපකරණ භාවිත කර තිබීම අවශ්‍ය නොවේ.
ඔබ ලබාදෙන පිළිතුරු මඟින් යුරෝපීය ශ්වසන සංගමයේ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධක කණ්ඩායමට කරුණු දෙකක් අවබෝධ කර ගැනීමට උපකාරී වනු ඇත.
- රෝගීන්ට ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් වන්නේ ඇයි - ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ ඔබගේ පෞද්ගලික අදහස, එය ඔබගේ ජීවිතයට සහ සෞඛ්‍යයට කෙතරම් වැදගත්ද යන්න.
- තම ශාරීරික ක්‍රියාකාරකම් මැනීම පිළිබඳව රෝගීන්ට හැඟෙන්නේ කෙසේද - ශාරීරික ක්‍රියාකාරකම් මැනීම සම්බන්ධයෙන් ඔබට ඇති අත්දැකීම්, එහි සාර්ථක හෝ අසාර්ථක කරුණු සහ වෛද්‍යවරුන් හෝ පර්යේෂකයන් විසින් ඔබගේ ශාරීරික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනු ලබන්නේ නම්, ඒ සඳහා ඔබ වඩාත් කැමති ක්‍රම මොනවාද යන්න.
මෙම කාර්ය සාධක කණ්ඩායම ඔබගේ පිළිතුරු භාවිත කරමින් අනාගතයේදී මාර්ගෝපදේශ සකස් කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව රෝගීන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයෙන් සහ ඔවුන්ට ගැළපෙන ක්‍රමවලින් ශාරීරික ක්‍රියාකාරකම් මැනීමටත් හැකි වනු ඇත.
ඔබගේ අත්දැකීම් සහ අදහස් පිළිබඳව දැනගැනීමට අපි කැමැත්තෙමු. මෙම ප්‍රශ්නවලට නිවැරදි හෝ වැරදි පිළිතුරු නොමැත. එබැවින්, ඔබගේම අත්දැකීම් වඩාත් හොඳින් පිළිබිඹු වන ආකාරයට ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
ඔබ ලබාදෙන පිළිතුරු නිර්නාමික වන අතර, ආරක්ෂිතව ගබඩා කරනු ලබන එම තොරතුරු වෙත ප්‍රවේශ විය හැක්කේ පර්යේෂණ කණ්ඩායමට පමණි. කිසිදු සහභාගිවන්නෙකු හඳුනාගත නොහැකි වන පරිදි සමීක්ෂණයේ ප්‍රතිඵල විද්‍යාත්මක ලිපිවල පළ කිරීමට සහ සම්මන්ත්‍රණවලදී ඉදිරිපත් කිරීමට ඉඩ ඇත.
